ප්‍රදීප්කුමාර බාලසූරියගේ පුංචි සේපාලිකා සම්පූර්න නවකතාව

"ඔයා මේකෙන් මට මොනාහරි ලස්සන දෙයක් ලියලා දෙන්න ඔනා"

අද මගේ උපන්දිනය.මං ඊයේ විහිලුවට වගේ මොනාද දෙන්නේ කියලා අහපු හින්දද කොහෙද එයා මට දුන්නා ලස්සන පාකර් පෑනක්.උදේ පවුඩර් ටිකක් ඉල්ලගන්න කාමරේට ගිය වෙලාවේ,

"මොනාද ලියලා දෙන්නොනා "

බයවෙලා වගේ මං ඇහුවෙ.

"මොකක් හරි මගේ හිත සතුටු වෙන දෙයක්"