වසරේ අවසාන ලිපිය : සොදුරු නවාතැන සිංහල බ්ලොග් කියවනයට ඇඩ්කොරගෙන

කාලෙකින් ගියා මගේ මේල්බොක්ස් එක පැත්තේ...
අප්පට සිරි මේල් 569 හුටා..දැන් ඉතිං කාපන්කෝ  ටිං කිරි පැය ගානක් සර්ච් පාරක් දාලා මුලින්ම වැඩකට නැති මේල් ටික අයින් කරා ඔහොම අයින් කරගෙන යනකොට  Blog Syndicator Addition  කියලා මේල් එකක් තියෙනවා
බලමු ඇරලා මොනාද කියලා....

 "From : කාලිංග ඇතුලත්මුදලි"
 
නම අහලා පුරුදුයි වගේ බලමු බලමු....
Cc: Sinhala Bloggers' Union Admin <admin@sinhalabloggers.com>
අප්පට සිරි දැනුයි කොල්ලට වැඩේ මීටරේට වැටුනේ ඒ කියන්නේ මගේ බ්ලොග් එකත් සිංහල බ්ලොග් කියවනයට ඇඩ්කොරගෙන

හුරේ..හිප්පි හිප්පි හායි හායි.....


අම්මපා මාර කාලයක් බලන්හිටියා මගේ සයිට් එක SBU එකට දාගන්න කල් දැන් ඒ වැඩෙත් හරි.දැන් ඉතිං මොකක් හරි උඩ දාගෙන ලියාපන්කෝ..හික්ස්..එහෙම කිව්වට කොහොමද අනේ මම මේ පාරත් ඒ ලෙ වල් කරනවනේ, කමක් නෑ පුලුවන් හැම වෙලාවටම ඔයාලට වැදගත් වෙන දෙයක් ලියනම්කෝ.
එහෙනම් ඔන්න අපි ගියාවේ..කාලිංග අයියටත් sbu එකේ ඇඩ්මින්ලා හැමොටමත් ගොදාක් ස්තුතියි....